කොවිඩ් තත්වය සම්බන්ධයෙන් රජයේ ඉහළ නිළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර තිබෙනවා.
අද පස්වරු 04 යි 30 ට එය ආරම්භවීමට නියමිතයි.
ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් සටහන්වූ කොවිඩ් ආසාධිතයන් ගණන එක් ලක්ෂ 60 දහසකට ආසන්නයි.
ඉන්දියාවේ ජනාකීර්ණම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය තවත් දින 30 කින් පැවැත්වීමට නියමිතයි.
කොවිඩ් තත්වය හමුවේ එය පැවැත්වීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු ඇති.