කොවිඩ් පාළනයට කමිටු ගණනාවක් පත් කර ඇතත් ඒවායේ සියලු තීන්දු තීරණ ගැනෙන්නේ සෞඛ්‍ය අංශ නොව දේශපාලඥයින් බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අංශ අභිබවා ගොස් දේශපාලඥයින් විසින් තීන්දු තීරණ ප්‍රකාශයට පත් කරන බවයි.
පී සී ආර් පරීක්ෂණයක් සදහා රුපියල් 6500 මිළක් අය කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇතත් ඇතැම් රෝහල් පී සී ආර් පරීක්ෂණ සදහා රුපියල් අටදහසක මුදලක් අය කරන බවටයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.