එක් කොවිඩ් එන්නතක් හෝ ලබානොගත් අයෙක් සිටීනම් හැකි ඉක්මනින් එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
යම් යම් දුර්මතවලට හසුනොවී හැකි ඉක්මනින් එන්නත ලබාගැනීමට කටයුතු කිරීමෙන් ජීවිතය අවදානම් තත්වයට පත් කිරීමෙන් වැළකෙන බවයි යුධ හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ.
ඔහු මෙම අදහස් පලකළේ අද යාපනයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.
සැප්තැම්බර් මස මැදවන විට රටේ ජනතාවගෙන් සියලු දෙනාට කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකිවනු ඇති බවද ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී සදහන් කළා.