කොරෝනා මර්ධන එන්නත ලබාගත් ලාංකිකයන්ට විදෙස්ගත විමේදි ඒ බව සනාථ කෙරෙන සහතික් අවශ්‍ය නම් ලගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මගින් එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ ජාතික හැදුනුම්පත් / එන්නත් කාඩ්පත හා අනෙකුත් ලේඛන නිසි පරිදි ඉදිරිපත් කර මෙය ලබා ගත හැකි බවයි.