මහනුවර ඔගස්ටාවත්ත එන්නත්කරණ මධ්‍යස්ථානයේදී කාන්තාවකට කොවිඩ් එන්නත් දෙකක් එකවර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ පේරාදෙණිය පොලීසිය විසින් මෙම පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.
අදාල කාන්තාව එන්නත්කරණයට ලක්වීමෙන් අනතුරුව ක්ලාන්ත තත්ත්වයට පත්වීමත් සමග මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඇයව නිවෙස වෙත පිටත්කර යවා තිබුණා.
කෙසේවෙතත් නිවසේදී යළිත් ක්ලාන්ත තත්ත්වයට පත්වීම හේතුවෙන් ඇයව පේරාදෙණිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
ඊයේ දිනයේදී එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ ලබාදී තිබුණේ අමෙරිකාවේ නිශ්පාදිත මොඩර්නා කොවිඩ් මර්ධන එන්නතයි.
