මෙරට දරුවන් කොවිඩ් රෝගයට ගොදුරු වීමේ උපරිම ධාරිතාවයට පැමිණ ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා.
මෙම දිනවලදී දරුවන්ව සමාජයට රැගෙන නොයන ලෙසයි ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ආසාධිතයින් සහ කොවිඩ් මරණ වල සීග්‍ර වර්ධනය හමුවේ දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් දක්වන අවධානයද වැඩිවිය යුතු බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා අවධාරණය කලා.
මේ අතර කොවිඩ් වෛරසය වැළදුණු දරුවන් නිවස තුලදී රැක බලාගන්නා ආකාරය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අදහස් පළ කලා.
අවුරුදු දෙකට අඩු දරුවෙකු සිටින නිවෙසක දෙමව්පියන්ට රෝගය වැළදී තිබුණද එම දරුවාට මව්කිරි ලබාදීම අනිවාර්යයෙන් සිදුකල යුතු බවයි ඔහු අවධාරණය කලේ.
කෝවිඩ් ආසාධිත දරුවෙකුට ලබාදිය හැකි පෝෂදායී ආහාර වේල් සම්බන්ධයෙන්ද ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙලෙස කරුණු පැහැදිලි කලා.