සංචරණ සීමා ඉවත්කර රට විවෘත කර ඇති අවස්ථාවක කොවිඩ් ආසාදිතයින් සේම කොවිඩ් මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යන්නේ නම් එය වඩාත් සැළකිමත් වියයුතු කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.
එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම නිසා තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බවයි.
කොවිඩ් මර්ධනය සදහා ජනතාව දක්වන සහයෝගය පූර්ණ වශයෙන් නොලැබෙන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දුන්නා.
පාසල් ආරම්භයත් සමග කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද නවීන් ද සොයිසා මහතා මෙලෙස අදහස් පළකලා.