මෙරටින් ඊයේ (28) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1940 දෙනා අතරින් වැඩි පිරිසක් එනම් 596 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 382 දෙනෙකු වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 97ක්.
බස්නාහිර පළාතෙන් පිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ යාපනය දිස්ත්‍රීක්කයෙන් වාර්ාත වී තිබෙනවා. එම සංඛ්‍යාව 122ක්.
අම්පාර දිස්ත්‍රික්කයෙන් 117ක්ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් 115 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.
මොණරාගල දිස්ත්‍රීක්කයෙන් 78ක් -බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් 70 බැගින් – රත්නපුර 50ක් – පොළොන්නරුව 39ක්, නුවරඑළිය 22ක් – මහනුවර සහ කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් 21 දෙනා බැගින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. මාතලේ 18ක් – වව්නියා 12ක් – පුත්තලම 15ක් ත්‍රිකුණාමලය 13ක් – වව්නියා 12ක් හම්බන්තොට 8ක් – මන්නාරම – මුලතිව් – කිලිනොච්චි දිස්ත්‍රික්කවල ආසාදිතයින් දෙදෙනා බැගින්ද විදේශයන්හී සිට පැමිණි 21 දෙනෙකු ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙනවා.