ශ්‍රී ලංකාවෙන් සති 10 කට පමණ පසු දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 1000 ට අඩුවෙන් ඊයේ දිනයේදී වාර්තා වුණා.
ඊයේ තහවුරු වූ කොවිඩ් ආසාධිතයන් ගණන 983 ක්.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 14 දහස් 592 ක් බවට පත්වුණා.
දැනට මෙරට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 46 දහස් 517 ක්.
මෙරට මුලු කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 12,731 දක්වා ඉහළ ගියා.
ඒ පෙරේදා සිදුවූ කොවිඩ් ආසාධිත මරණ 51 ක් ඊයේ දිනයේදී තහවුරු කිරීමත් සමගයි.
ඉන් 41 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 10 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 55 දහස් 344 දක්වා ඉහළ ගියා.