කොවිඩ් වසංගතය නිසා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
මෙම අවදානමෙන් මිදීමට නිවාස සහ කාර්යාල පරිශ්‍ර, ඉදිකරීම් වැඩබිම් ආදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදුව තබා ගන්නා ලෙසයි වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
මේ එහිදී අදහස් දැක්වූ ජාතික ඩෙංගු රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා.
කොවිඩ් සහ ඩෙංගු යන රෝග දෙකම වෛරසයකින් බෝවන අතර රෝග දෙකෙහිම රෝග ලක්ෂණ සමාන බැවින් උණ ගැනීමක් වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී නිසි ප්‍රතිකාර ගන්නා ලෙසයි වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතිලක මහත්මිය.
