මේ දිනවල දෛනික කොවිඩ් ආසාදිතයින් සියය ඉක්මවා වාර්තාවන බවත් එම තත්වය බරපතල තත්වයක් බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
අද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ එය තවත් පැතිරීම වළක්වා ගැනීමට නම් සියලු දෙනා වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යය බවයි.
මේ අතර කොවිඩ් හතරවන මාත්‍රාව හෝ කිසිදු කොවිඩ් මර්ධන එන්නනක් ලබා නොගත් පුද්ගලයින් සිටීනම් එන්නත් ලබා ගත හැකි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස පැහැදිලි කළා.