මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුනා.
ඒ ඊයේ ෂාජා හි පැවති ප්ලේ ඕෆ් තරග වටයේ අවසන් තරගයෙන් දිල්ලි කැපිටල්ස් පිළට එරෙහිව කඩුළු 3 ක ජයක් ලැබීමත් සමගයි.
කාසියේ වාසිය දිනු කොල්කටා පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කලේ. දිල්ලි පිල නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5 ක් දැවී ලකුණු 135 ක් රැස් කළා.
ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 30 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිළ පන්දුවාර 19 යි පන්දු 5 කදී කඩුළු 7 ක් දැවී ලකුණු 136 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.
කොල්කටා පිළ වෙනුවෙන් සාර්ථක ආරම්භක සම්බන්ධතාවයක් පිහිටුවීමට ෂුබ්මන් ගිල් හා වෙන්කටේෂ් අයියර් සමත්වුනා.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 96 ක්. වෙන්කටේෂ් අයියර් ලකුණු 55 යි.
කෙසේ වෙතත් පළමු කඩුල්ල දැවී යාමෙන් පසු කොල්කටා පිළ දැඩි අසීරුතාවයකට පත්වූ අතර පිතිකරුවන් සිව් දෙනෙකු කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර දැවී ගියා.
අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවට රාහුල් ත්‍රිපාටි එල්ල කළ හයේ පහරත් සමගින් කොල්කටා පිළ තරගය ජය ගත්තා.
මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගය හෙට ඩුබායී හිදි පැවැත්වීමට නියමිතයි.
චෙන්නායි සුපර් කින්ග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් එහිදී තරග වදිනු ඇති.