ලබන සැප්තැම්බර් මාසය දක්වා ප්රවර්ධක නොඑසේනම් බූස්ටර් මාත්‍රා ලබාදීම අත්හිටුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලට දැනුම් දෙනවා.
එමගින් දිළිඳු රටවලට තවත් අමතර සියයට 10 ක හෝ මාත්‍රා ප්‍රමාණයක් වෙන් කිරීමට හැකිවනු ඇති බවයි සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් මහතා සඳහන් කලේ.
කොවිඩ් මර්දන එන්නත් සඳහා සාමාන්‍යයෙන් ලබා දෙන්නේ මාත්‍රා 02 ක් පමණක් වුවද ඇතැම් රටවල් මේ වනවිටත් ප්රවර්ධක මාත්‍රාවක් ලෙස 03 වන මාත්‍රාවක් ලබාදීම ආරම්භ කර තිබෙනවා.
ඊශ්‍රායලය සහ ජර්මනිය ඉන් ප්රමුඛයි.
මෙමගින් සිදුවන්නේ දිළිඳු රටවලට පළමු මාත්‍රාව හෝ ලබාගැනීම අසීරු වීම බවයි අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරන්නේ.
දැනට ඇති දත්ත අනුව දිළිඳු රටවල පුද්ගලයන් 100 දෙනෙකුට මාත්‍රා 1.5 ක් පමණක් ලැබෙන බවයි සංඛ්‍යාලේඛණ වාර්තාවල සඳහන් වන්නේ.
