කොරෝනා වසංගත අවධානම හමුවේ සේවා සදහා වාර්තා කරන පෞද්ගලික අංශයේ සේවකයන්ට දි තිබු පහසුකම් හා වරප්‍රසාද ක්‍රමයෙන් කප්පාදු කෙරෙමින් ඇතැයි වෘත්තිය සමිති චෝදනා කරනවා.
වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ එන්නත්කරණය සිදුකෙරෙන බැවින් අදාල පහසුකම් අනවශ්‍ය බවට මතයක් ඇතැම් ආයතන ප්‍රධානීන් තුල නිර්මාණය වි ඇති බවයි.
