කොරෝනා නිසා ලංකාවේ රැකියා අහිමි වී ඇත්තේ 12000 ක පිරිසකගේ පමණක් යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.
කම්කරු අමාත්‍යංශය සංගණනයක් කොට මේ දත්ත හෙළි කර ගත් බව කී කම්කරු ඇමතිවරයා ලංකාවේ ලක්ෂ ගණනකගේ රැකියා අහිමිවී ඇතැයි කීම බොරුවක් යැයිද සඳහන් කළේය .
සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් කම්කරු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
