රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා රෝගින් යැයි තහවුරු වන පිරිස් පිළිබද තොරතුරු දෛනික කොරෝනා දත්ත වාර්තාවට අන්තර්ගත නොවන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ පි සී ආර් පරීක්ෂණ වලින් තහවුරු කර ගැනෙන කොරෝනා පිළිබද තොරතුරු පමණක් දෛනික වාර්තාවට ඇතුලත් කෙරෙන බවයි.
කොරෝනා රෝගීන් පිළිබද බිම් මට්ටමේ තොරතුරු හා ජාතික මට්ටමේ තොරතුරු අතර විශාල පරස්පරතාවයක් පවතින බවද උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නා.
වසංගත රෝග විද්‍යා ඒකකයට නව ප්‍රධානියෙක් පත් කළද කොරෝනා දෛනික දත්ත වාර්තාවේ දෝෂ තවමත් පවතින බවද උපුල් රෝහණ මහතා කියා සිටියා.