කොරියාවේ රැකියා ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 31 ක මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය යි නියෝගය ලබාදුන්නේ.
සැකකරුවන් තමන් පදිංචි ස්ථාන ලෙස ව්‍යාජ ලිපින ලබා දී ඇති බවටද පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අවුරුදු 26 සහ 55 වියැති සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.