ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මූලික සංවිධාන කටයුතු වෙනුවෙන් දිස්ත්‍රික් – සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඡන්ද නාමලේඛණ සකස් කිරීම – ඡන්ද මධ්‍යස්ථාන නිශ්චය කිරීම – නාමයෝජනා – තැපැල් ඡන්ද ක්‍රියාවලිය – ඡන්ද විමසීම හා ඡන්ද ගණන් කිරීම හා ප්‍රථිඵල ප්‍රකාශයට පත් කිරීම යන අධියර කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
මේ අතර ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය ලබන මාර්තු 31 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.
අප්‍රේල් 05 වනදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ යෝජනාවකට අනුව මෙම කාරක සභාව ස්ථාපිත කළ අතර මැයි 17 වනදා එහි පළමු රැස්වීම පැවැත්වුණා.
මෙම කාරක සභාවේ කාල සීමාව ලබන ජනවාරි 16 වනදායින් අවසන් වීමටයි නියමිතව තිබූණේ.