දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලු ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිකුත්කර ඇති නිර්දේශ බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා රිට් පෙත්සමක් ගොණුකර තිබෙනවා.
ඒ අභියාචනාධිකරණය හමුවේදීයි.
මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්රකාශයට පත්කරන තුරු එම නිර්දේශ ක්රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් වික්රමසිංහ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
විමර්ශනවලදී කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කිසිදු චෝදනා පත්රයක් ඉදිරිපත් නොකළ බවද තමන්ගෙන් ප්රමාණවත් ලෙස නිදහසට කරුණු විමසීමක් සිදු නොකළ බවද රනිල් වික්රමසිංහ මහතා පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
