කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට තමා විරුද්ධ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ආගාමික විගාමික පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිවලට ඉහළ පිළිගැනීමක් හිමිවිය යුතු බවත් එම විශ්වවිද්‍යාලය කඩයක් බවට පත් කිරීම ප්‍රශ්නවලට උත්තරයක් නොවන බව හෙතෙම සඳහන් කළේය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තවත් දියුණු විය යුතු බව පැවසූ සරත් ෆොන්සේකා මහතා වැටුප් ඉල්ලා උද්ඝෝෂණ කරන ගුරුවරුන්ට අපහාස කිරීම තමා පිළිනොගන්නා බව ද ප්‍රකාශ කළේය .
