වෘත්තිය සමිති අරගල වලට විසදුම් නොදෙන ආණ්ඩුව ඒවා නිරෝධායන නීතියෙන් මැඩලීමට උත්සහ දරන බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පණත හකුලා ගතහොත් එය ආණ්ඩුවේ සාධනීය ක්‍රියාමාර්ගයක් වනු ඇති බවයි.