ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව රජය අද සභාවට දැනුම් දුන්නා.
මහජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට වැඩි කාලයක් ලබා දීම සඳහා මෙම පියවර ගන්නා බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කලේ.
ඔහු මේ බව කියාසිටියේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කල විමසීමකට පිළිතුරු දෙමිනුයි.
