කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාල පණතට එරෙහිව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේදී සිදුකල උද්ඝෝශණයකට අදාලව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වන චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන දෙදෙනාව මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්න ප්‍රදේශයේ ඊයේ පැවැත්වූ මෙම උද්ඝෝශණය හේතුවෙන් මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද බරපතළ තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.