කේරළ ගංජා කිලෝ 132කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරම පොලිස් වසමේ ඉලුප්පුකඩවෛ ප්‍රදේශයේදීයි මෙම වැටලීම කර ඇත්තේ.
ලොරි රථයක් තුළ සූක්ෂම ආකාරයෙන් මෙම ගංජා තොගය අසුරා තිබූ බවයි පොලිසිය සදහන් කළේ. සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මන්නාරම පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.