කෙසෙල්වත්ත ප්‍රදේශයේදි තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 5 ක් දක්වා ඉහල ගොස් තිඛෙනවා.
පසුගිය දෙසැම්බර් 04 වනදායි මෙම ඝාතනය සිදුව තිබුනේ.
සැකකරුවන් අතර වන 22 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුනු අතර ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සැකකරුවන් 05 දෙනා අවුරුදු 22 ත් 31 යන වියේ පසුවන පිරිසක්.
ඔවුන් අපරාධය සදහා භාවිත කළ බව කියන මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ තුල තිබි කඩුවක්ද හමුව තිඛෙනවා.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ල සාමාජිකයෙකුගේ මෙහෙයවිම මත සැකකරුවන් මෙම අපරාධය කර ඇති බවටයි තොරතුරු අනාවරණය වි ඇත්තේ.