සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

    ජනපති විශේෂ ප්‍රකාශය

    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

    බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

    බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    ජනපති අද සවස ජාතිය අමතයි

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

    ජනපති විශේෂ ප්‍රකාශය

    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

    බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

    බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    ජනපති අද සවස ජාතිය අමතයි

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

කෘෂිකර්ම කටයුතු සඳහා භුමිතෙල් නිකුත් කිරීම විධිමත් කෙරේ

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
“කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ”
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ධීවරයන්ගේ භුමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිතා කර ඉදිරි දින 03 තුළ ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පැවසීය.

2022 නොවැම්බර් 1 වනදා සිට 19 වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29 බැගින් බෙදාහැර තිබූ අතර, නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසුව නොවැම්බර් 23 සිට නොවැම්බර් 27 දක්වා බවුසර් 229ක් (දෛනික සාමාන්‍ය 45.8) ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර ඇත. එය 17% ක වැඩිවීමක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.

වී, තේ, පොල්, කුරුඳු, අර්තාපල්, එළවළු, පළතුරු, ධාන්‍ය, මල් සහ විසිතුරු පැල, සත්ව ආහාර හා තෘණ වගාකරුවන්ගේ ද අවශ්‍යතාවන් කෙරෙහි ද අවධානය යොමු කරමින් කෘෂි අවශ්‍යතාවන් සඳහා භුමිතෙල්, ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැරීම සඳහා පූර්ණ ක්‍රමවේදයක් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් සකස් කරන ලෙස ද ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ නිලධාරීන් වෙත පසුගිය සතියේ උපදෙස් දී ඇත.

ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කේෂ්ත්‍ර නිලධාරීන් මගින් තහවුරු කළ අවශ්‍යතාවයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද, ගොවීන්, කෘෂි ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන්, ගොවිතැනට සම්බන්ධ සියළු සැපයුම් ජාලා වෙත අරපිරිමැස්මෙන් නමුත් කිසිවෙකු අත් නොහැරෙන ලෙස ඉන්ධන සැපයීම රජයේ ප්‍රතිපත්තිය බව ද තෙන්නකෝන් මහතා පවසයි.

පළාත් කෘෂිකර්ම, සමූපකාර අමාත්‍යාංශ, සත්ව නිෂ්පාදන, ඛනිජ තෙල් සංස්ථාවේ බෙදාහැරීමේ කළමනාකරුවන් හා එක්ව ඩීසල්/පෙට්‍රල්/භුමිතෙල් අවශ්‍යතාව අනුමත සීමාවන් තුල සැපයීම කෘෂිකර්ම, වැවිලි අමාත්‍යාංශ, ගොවිජන සේවා සහ අනෙකුත් දෙපාර්තමේන්තු ඒකාබද්ධ සැලසුම් නොවැම්බර් 28 දින වන විට සකස් කර අවසන් කෙරෙනු ඇත.

විශේෂයෙන්ම වගා කන්නයේ එක් එක් අදියරේ දී, එක් එක් කලාප වෙත ඉන්ධන (ඩීසල්/පෙට්‍රල්/භුමිතෙල්) අවශ්‍යතාවය වෙන් වෙන්ව කාල වකවානු සහිතව සැලසුම් කිරීම සිදුවන්නේ ප්‍රථම වතාවටය. පසුගිය වසර 5 තුල එක් එක් ඉන්ධන පිරවුම්හලේ අලෙවි දත්ත මත පදනම්ව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් ද මේ වන විට ජාතික මට්ටමෙන් සිදු කෙරේ.

ඉන්ධන අන්තර් පළාත්/දිස්ත්‍රික්ක හුවමාරු භාණ්ඩයක් ද බව සලකා, කෘෂිකර්ම, අපනයන, වැවිලි භෝග, මල් හා විසිතුරු වගා ඇතුළු වෙනත් සෑම කෘෂි කේෂ්ත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. වගා අස්වනු නෙලීමේ යන්ත්‍ර සඳහා ඉන්ධන ලබාදීමේ දී සහ භුමිතෙල් භාවිතයෙන් ක්‍රියාත්මක වන වතුර පොම්ප සඳහා ඉන්ධන සැපයීමේ දී පසුගිය කන්නයේ අති වූ ගැටළු වළක්වා ගැනීමට නව වැඩසටහනේ අරමුණ වී තිබේ.

ප්‍රමාණවත් ඉන්ධන තොග තිබිය දී ධීවරයින්ට භුමිතෙල් හිඟයක් ඇති වූයේ ක්ෂේත්‍ර සමීක්ෂණයකින් තොරව අවශ්‍යතාවයන් පිළිබඳ සාවද්‍ය වාර්තා සැපයීම නිසා බවත්, ඒ අනුව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ එවැන්නක් ඇති නොවීමට පියවර ගැනීමට කටයුතු කරන බවත් තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

කෘෂි වගාවන්ට භුමිතෙල් සැපයීමේ දී ඩොලර් ලක්ෂ 30 කට ආසන්න පිරිවැයක් රජයට දැරීමට සිදුවන බැවින් එහි උපරිම එලදායීත්වය තහවුරු කිරීමේ ජාතික වගකීම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිසාපතිවරුන්ට පැවරේ.

කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය භුමිතෙල් මිලදී ගැනීම සඳහා සමූපකාර ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට ග්‍රාමීය බැංකු සමඟ එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද පළාත් සභා සමූපකාර කොමසාරිස්වරුන් වෙත ජනාධිපති කාර්යාලය විසින් උපදෙස් ලබා දී ඇත.

Admin
Tags: භුමිතෙල්
Previous Post

අදටත් කෝච්චියෙන් යන අගමැති පුතු

Next Post

2023 සිට උසස් පෙළ විභාගය සඳහා 80% අනිවාර්යයි

Admin

Admin

Related Posts

කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති
දේශීය

ජනපති විශේෂ ප්‍රකාශය

by Admin
February 4, 2023
තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට
දේශීය

ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

by Admin
February 4, 2023
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

by Admin
February 4, 2023
බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට
දේශීය

බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

by Admin
February 4, 2023
ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට
දේශීය

ජනපති අද සවස ජාතිය අමතයි

by Admin
February 4, 2023
Next Post

2023 සිට උසස් පෙළ විභාගය සඳහා 80% අනිවාර්යයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In