රසායනික පොහොර ආනයනය පෞද්ගලික අංශයට ලබානොදි රජය මගින් රසායනික පොහොර සහනදායි මිලට ලබා නොදුනහොත් නුවරඑලියේ සුළු පරිමාණ එලවලූ ගොවියා වගාවෙන් ඉවත් වීමේ අවධානමක් මතුවී ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව අවධාරණය කරනවා.
එහි සභාපති අරුණ ශාන්ත මහතා අද නුවරඑලියේදි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ කාබනික පොහොර සහ නැනෝ නයිට්‍රජන් පොහොර යොදා ගනිමින් වගාවන් සිදු කල ගොවින්ට පමණක් වන්දි ලබාදිම සිදු කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශය අසාධාරණ බවයි.