කූඨ ලේඛණ සකස් කිරීම හා අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් 03 දෙනෙකු බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී පරිඝණක යන්ත්‍රයක් / ස්කෑනර් යන්ත්‍රයක් / මුද්‍රණ යන්ත්‍රයක් / ව්‍යාජ රබර් මුද්‍රා සහ ව්‍යාජ ලේඛණ රැසක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කලේ.
29 – 30 සහ 46 වියැති සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.
