එංගලන්ත සංචාරය අතරතුර ජෛව බුබුලෙන් මිදී ඩරම් නගරයේ රාත්‍රී කාලයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන 03 දෙනා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබෙනවා.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණය සඳහා පෙනී සිටීමටයි.
ඔවුන් අද විනය කමිටුව ඉදිරියේ පෙනී සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් විනය කමිටුව ගන්නා තීරණය හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇති.
ඔවුන්ට පැනවෙන දඩුවම් සහ සීමා පිළිබඳ අවසන් තීරණයක් ඉන් අනතුරුව ගැනෙනු ඇති.
