සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට මියගොස් සිටින චමියා නැමැත්තා විසින් නීති විරෝධි අන්දමින් උපයන ලද මුදල් පරිහරණය කිරිමේ චෝදනාව යටතේ පොලිස් අත්අඩංගුවට ගත් කුඩු ආශා යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන සැකකාරිය දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකාරිය අදාල මුදලින් විවිධ දේපල මිලදි ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.