පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් අඩු මිළට ඉන්ධන නිකුත් කර නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.
සාමාන්‍ය වෙළඳපොලේ මහජනතාවට නිකුත් කරන මිළ ගණන්වලටම ඔවුන්ටද ඉන්ධන ලබාදෙන බවයි ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කලේ.
ඔහු මේ බව පවසන්නේ පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට අඩු මිළට ඉන්ධන ලබාදී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සඳහා ප්‍රතිචාර දක්මිනුයි.
මහජනතාවගේ කේන්තිය සහ බලාපොරොත්තු සුන්වීම තමන් නිසි ලෙස වටහාගෙන ඇති බවත් බලශක්ති අමත්‍යවරයා අවධාරණය කරනවා.
කෙසේවෙතත් අදාළ ඉන්ධන පොම්පයේ තවදුරටත් පැරණි මිළ ගණන් සටහන්ව තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස තමන් ඛණිජ තෙල් සංස්ථාවට උපදෙස් දුන් බවද කංචන විජේසේකර මහතා ප්‍රකාශ කලා.
මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බවයි ඔහු කියාසිටියේ.
ගිලන් රථ හැරුණුකොට වෙනත් කිසිදු පාර්ශවයකට ඉන්ධන පිරවුම්හල්වලදී අමතර වරප්‍රසාදයක් හිමි නොවන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කලේ.