කිසිදු කාරක සභාවක කටයුතු අත්හිටුවා නොමැති බව රජය අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කලා.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියාසිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි.
ආංශික අධීක්ෂණ කාරක සභාවල කටයුතු අඩාල වී ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
මේ ඊට ප්‍රතිචාර දැක්වූ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ සභාව කල් තැබීමේ විවාදය 03 වන දිනයටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
අද විවාදය ආරම්භ කලේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතායි.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ මෙම වසර තුළදීම පැවැත්විය යුතු බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කලේ.