කිව් ආර් කේත ක්‍රමය මගින් සතියකට හිමිවන ඉන්ධන ලීටර් 50 ක ප්‍රමාණය ප්‍රමාණවත් නැතැයි සමස්ථ ලංකා ටිපර් රථ හිමියන්ගේ හා රියැදුරන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති මනෝජ් රණතුංග මහතා කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ කොළඹින් බැහැර ප්‍රදේශවල සිට වැලි ප්‍රවාහනය සදහා අදාල ඉන්ධන ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.