තමා සහ මහ බැංකු අධිපතිවරයා හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවා ඇති බවට පළවී ඇති මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පවසනවා.
නිව්ස් රේඩියෝ කල විමසීමකදී ඔහු සඳහන් කලේ මේ දක්වා එවැනි කිසිදු කැඳවීමක් ලැබී නොමැති බවයි.
රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කර ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට කැඳවන්නැයි අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවටයි මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා ඇති බවටද වාර්තා පළවී තිබෙනවා.