කැබිනට් අනුකමිටු පත් කිරීම මගින් සිදුවන්නේ ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසදනවා වෙනුවට කල්මැරීමක් බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා චෝදනා කරනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කුමන අනු කමිටුවක් පත් කළද ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට ස්ථීර විසදුමක් ලැඛෙන තුරු අරගලය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි.
තමා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්ද මහින්ද ජයසිංහ මහතා මෙහිදි ප්‍රතිචාර දැක්වුවා.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව පිළිබද සොයාබලා මීළග කැබිනට් මණ්ඩල රැස්වීමේදී වාර්තාවක් ඉදිරිපත් කිරීමට අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තිරණය කර තිබුනා.