කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමියන් වර්තමානයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක හෝ වෙනත් කිසිදු තනතුරක් නොදරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
උන්වහන්සේ අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කලේ.
පෙරේදා දිනයේදී සිදුව ඇති අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මේ වනවිට පරීක්ෂණ මෙහෙයවනවා.
