අද රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව / බස්නාහිර / දකුණ / මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
අද පස්වරු 2ට නිකුත් කර ඇති එම අනතුරු ඇගවීම රාත්‍රී 11 දක්වා වලංගුයි.
මධ්‍යම / දකුණ / සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එහි සදහන්.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. – තාරක
