කාබුල් ගුවන් තොටුපළට අහම්බයෙන් ගිය ලොරි රියදුරෙකු අමෙරිකාවෙන් මතුවීමේ පුවතක් වාර්තා වෙයි.
පකිස්ථානයේ පේෂාවර් හි පදිංචි මෙම තැනැත්තා Torkham – Kabul මාර්ගයේ ලොරි රියදුරෙකු ලෙස සේවය කර තිබේ.
මෙම තැනැත්තා කාබුල් පැමිණි අවස්ථාවක මේ දිනවල ගුවන් තොටුපළේ පවතින කලබලකාරී ස්වරූපය විමසා බැලීමට ගොස් කෙසේ හෝ ගුවන් යානයකට පිවිසීමට සමත්වී ඇත.
දින 03 ක් පුරා මොහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිවීම නිසා ඥාතීන් සිතා ඇත්තේ ඔහු කාබුල් ගුවන් තොටුපලේදී මියගොස් ඇති බවයි.
කෙසේවෙතත් මෙම තැනැත්තා විසින් පසුගිය අගහරුවාදා නිවසට දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇත්තේ තමන් අමෙරිකාවේ සිටින බවයි.
කාබුල් සිට ලක්ෂයකට ආසන්න පිරිසක් ලොව විවිධ රටවල් දක්වා රැගෙන ගොස් ඇති බැවින් ඉදිරියේදීත් මෙවැනි සිදුවීම් වාර්තා විය හැකි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
