ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර හැර අනෙක් සියලු ප්‍රධාන නගරවල බලය අත්පත් කරගැනීමට තලේබාන් සටන්කාමීන් සමත්ව තිබෙනවා.
නැගෙනහිර පිහිටා ඇති මූලෝපායික වශයෙන් අතිශය වැදගත් ජලාලාබාද් නගරයේ බලය අද පෙරවරුවේ තහවුරු කරගැනීමට ඔවුන් සමත්වුණා.
ඒ අනුව තවදුරටත් ඇෆ්ඝන් රජයේ පාලනය යටතේ පවතින්නේ කාබුල් අගනුවර පමණයි.
මෙම තත්වයත් සමග වහා ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපති අෂ්රෆ් ගානි ට එල්ලවන බලපෑම් ද ඉහළගොස් තිබෙනවා.
