තලේබාන් සංවිධානය විසින් රටේ බලය අත්පත් කරගැනීමත් සමග ඇෆ්ඝන් ජාතිකයන් විශාල වශයෙන් රටින් පළායාම හමුවේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.
ඔවුන් පාලනයට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හමුවේ කිහිප දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.
මේ අතර ගුවන් යානයක රෝදවල එල්ලී පළායාමට තැත්කල සිවිල් වැසියන් දෙදෙනෙකු උඩු ගුවනේදී ඉන් ගිලිහී ගොස් බිමට පතිත වන ආකාරයක් දැක්වෙන දර්ශන පෙළක්ද මාධ්‍ය තුළ හුවමාරු වනවා.
කාබුල් ගුවන් තොටුපල තුල දැඩි තදබදයක් පවතින බවද වාර්තා වනවා.
රටින් පලා යාම සදහා ගුවන් යානයක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් ඇෆ්ඝන් වැසියන් විශාල පිරිසක් ගුවන් තොටුපලට රැස්ව සිටිනවා.
මේ අතර සිය රටවැසියන් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් මුදා ගැනීමේ අපේක්ශාවෙන් අමෙරිකාව ඇතුලූ බටහිර රටවල් රැසක්ද සිය ගුවන් යානා කාබුල් ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා ඇති බවයි පැවසෙන්නේ.
පවතින තත්ත්වය මත ඇෆ්ගන් ගුවන් සීමාව භාවිත නොකරන බව ගුවන් සමාගම් කිහිපයක්ම මේවනවිට නිවේදනය කර ඇති අතර ඇෆ්ගනිස්තානය තුල පවතින තත්ත්වය පිලිබද සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය ද අද පස්වරුවේ හදිසි සාකච්ඡාවක්ද කැඳවා තිබෙනවා.
