ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ස්ථාපිත කාන්තා හා ලමා කාර්යාල සවිබල ගැන්වීමට ඒකාබද්ධ ප්‍රවේශයක් ගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය යෝජනා කරනවා.
ඊයේ පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කරමිනුයි ඇය මේ බව කියා සිටියේ.
එම යෝජනාව ස්ථීර කළේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කේ පී එස් කුමාරසිරි මහතායි.
2015 -2019 අතර කාලය තුළ ළමා හා කාන්තා හිංසන පිළිබද පැමිණිලි 47 දහසකට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්වි ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාද මෙහිදි අදහස් පළ කළා.