වැලිවේරිය වෑබඩ ප්‍රදේශයේ නිවසකදී සිය බිරිඳ ඇතුලු කාන්තාවන් තුන්දෙනෙකුට තියුණූ ආයුධයකින් පහරදුන් සැකකරුවෙකු සිය දිවි හානි කරගැනීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සිද්ධියෙන් සැකකරුගේ බිරිඳ එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වෑබඩ උතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක කාන්තාවක්.
මරණකාරියගේ සහෝදරිය සහ යෙහෙළිය බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළා. වැලිවේරිය පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.