කාන්තාවන්ට අපහාස වන අයුරින් අශෝභන ප්‍රකාශ සිදුකරන මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කල යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
සිය පාර්ලිමේන්තු ධූර කාලය තුල අද පවතින ආකාරයේ පාර්ලිමේන්තුවක් කිසිදිනක දැකගත නොහැකි වූ බවයි ඔහු පවසන්නේ.
ඊයේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කලා.