වැල්ලවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 33ක කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ7ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල කාන්තාව සමග සබදකම් පැවැත්වූ දැනට එංගලන්තයේ සිටින බව කියන පුද්ගලයෙකු විසින් කාන්තාවගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට බිය ගන්වමින් මෙම කප්පම් ගැනීමේ සිද්ධිය මෙහෙයවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.