අදට යෙදෙන වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
මේ වසරේ වෙසක් උත්සවය සැමරීමට සිදුව ඇත්තේ මින් පෙර නොවූ ලෙස දේශය බොහෝ පීඩාකාරි තත්වයකට ඇද වැටී ඇති අවස්ථාවක බව එහි සදහන්.
අභියෝගය ජය ගැනීමට ජනතාවක් ලෙස ඇති ශක්තිය වෙන කවරදාටත් වඩා ප්‍රදර්ශනය කර ඇති බවද කාදිනල් හිමි සිහිපත් කරනවා. බුදු හිමියන් ලොවට දේශනා කළ උතුම් දහම් පණිවිඩය දේශය තුල තවත් ප්‍රචලිත වේවායි යන්න කාදිනල් හිමියගේ අපේක්ෂාවයි.