මෙවර එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමග පස්වරුවේ පැවති තරගය කඩුලු 5 කින් ජය ගැනීමට කලම්බො ස්ටාර්ස් පිළ සමත්වුනා.
තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9 ක් දැවි ලකුණු 146 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍ර්‍රීඩා කළ කලම්බො පිළ කඩුලු 5 ක් දැවි ලකුණු 150 ක් ලබාගෙන තරගය ජය ගත්තා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ කලම්බො පිළේ සීක්කුගේ ප්‍රසන්න පන්දු 6 කදී ලකුණු 32 කින් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.