ඉන්ධන මිල ඉහළයාම – ජීවන මිල ඉහළයාම සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇණහිටීම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගය අද කුරුණෑගලදී උද්ඝෝෂණයක නිරත වුණා.
සමාජයේ සෑම ක්ෂේත්රයකම පිරිස් වත්මන් ආණ්ඩුවේ දුර්වල කළමණාකරණය හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටින බවයි එම විරෝධතාවට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා කියා සිටියේ.
එමෙන්ම ජාත්‍යන්තර බලවතුන්ගේ මැදිහත්වීම් හමුවේ අදවනවිට රට විදේශ ආක්‍රමණයක් අභියසට පැමිණ ඇතැයිද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.
