2008-2009 කාලසීමාවේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා මින් ඉදිරියට පවත්වාගෙන නොයෑමේ තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කර තිබෙනවා.
පැහැරගැනීමට ලක්වූ තරුණයන්ගේ ඥාතීන් 04 දෙනෙකු විසිනුි මෙම පෙත්සම ගොණු කර ඇත්තේ.
මෙම පෙත්සම විභාග කර අවසන්වන තුරු හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසයි රිට් පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා මින් ඉදිරියට පවත්වාගෙන නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතීඥවරියයි ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ.