කම්කරු සේවක වන්දි ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරිමට නියමිතයි.
ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමටයි එලෙස අනුමැතිය හිමිව ඇත්තේ.
මෙම සංශෝධනයත් සමග දැනට මරණයක දී ගෙවන වන්දි ප්‍රමාණය උපරිමය රුපියල් 550,000 සිට රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ යනු ඇති.
නිත්‍ය පුර්ණ බෙලහීනතාවයක දී ගෙවන වන්දිය රුපියල් 550,000 ක උපරිමයේ සිට රුපියල් ලක්ෂ 20 ක උපරිමය දක්වා වැඩිවනවා.
තාවකාලික බෙලහීනතාවයක දී ගෙවන වන්දිය රු 5,500 ක උපරිමයක සිට රුපියල් 47,500 ක උපරිමයක් දක්වා වැඩි කෙරෙනු ඇති.
මෙම පණත් කෙටුම්පත ඉදිරියේ දී ගැසට් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතයි.