ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව අද (ජුලි 22) සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කර තිබේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජෙනරල් කමල් ගුණරත්න යළි පත් කර ඇත.
ජෙනරල් ගුණරත්න ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලද කීර්තිමත් නිලධාරියකු වන අතර මානුෂිය මෙහෙයුමේඅවසන් අධියරය වනවිට ඔහු 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙසද කටයුතු කරන ලදී. තවද ඔහු ශ්‍රී ලංකාවේ යුද ඉතිහාසය ඇතළු පොත් කිහිපයක් රචිත ප්‍රවීන කතුවරයෙකුද වේ.
